Colombo and the Lotus (නෙළුම සහ කොළඹ) By Anushka Kahandagama

 

lotus tower

ගං උතුරා වතුර ගලා මුළු කොළඹම පිරුණයි
අහස හඬා කම්පා වී මහවැසි ඇද වැටු ණයි
දෙගොඩ තලා ආ වතුරෙන් මුළු කොළඹම පිරුණයි
රත්න ශ්‍රී කිව්ව වගේ රෙද්ද කඩන් ආවයි

කූඹි වගේ සිය ගණනක් ගං වතුරේ ගිලුණයි
තවත් හුඟක් පස් කඳු යට නැතිවී සැඟවූවයි
අතුරුදහන් වූවන් තව හෝ ගාණක් හිටියයි
අපිත් එක්ක මුළු සේසත වතුරෙන් යටවූවයි

මුළු මාධ්‍ය පරපුරේම හිත් කම්පා වූවයි
චැරිටි වලින් ගජ රාමෙට ටැක්ස් අඩුවෙනු දුටුවයි
අපෙන්ම ගෙන අපිටම දී වුන් එකවුන්ට්ස් හැදුවයි
සහන යාත්‍රා දාගෙන ලංකාවෙම බෙදුවයි

හොඳින් ඉන්න කාලෙට අපි ගහගත්තත් බෙදිලා
ගංවතුරෙන් හැම හිතක්ම දියවෙනවා රිදිලා
තම්බින්ටයි දෙමළුන්ටයි දෙනවා අපි දුවලා
ඒ වුණාට උණු වෙනවා පිං බැංකුව දැකලා

බත් පැකට්ද, කිරි පැකට්ද වතුර හිටං බෙදලා
පිං එකවුන්ට් වැඩි කරගමු අපි ඔක්කොම පිරිලා
ඊළඟ ගංවතුර බලන් එතකන් සොමි කරලා
ඒ වතුරට බෙදනව අපි සුපර් මාර්කට් හිඳිලා

ඒ අව් අස්සේ කොළඹට නෙලුම් මලක් පිපිලා
පෙති එක දෙක ඇහැරෙනවා මුළු කොළඹම පිරිලා
හුඟ කලකට කලින් තිබූ ඒ බම්බුව දැකලා
හඳගම කීවා මතකයි පුමු ලිඟුවක් කියලා

ඒ විසාල නෙලුම් මලට පිපෙන්න ඉඩ දීලා
මුළු රටක්ම විලක් වුණා මහා වතුරෙන් පිරිලා
පෙති ඔක්කොම ඇහැරෙන්නට කල් යල් ඇත බලලා
ඊළඟ ගංවතුර තෙක්ම ඉන්නෙමි මග බලලා

 

 Colombo and the Lotus By Anushka Kahandagama

Drip drops from skies

To thundering thrives

And, Colombo’s trying

To skinny dip in nights

 

The lives submerged

The lives disappeared

The lives shattered

And we are devastated

 

Drip drop drip drop drip drop

Crocodile tears felt in vain

Down their sympathetic face

Towards our pathetic fate

 

Fake it good charity

And bring down tax liability

Pick pocketed generosity

For the sake of popularity

 

In the days of sane

We fight in vain

The pouring heavy rain

Caused the calamity of pain

But now we all are same

 

Floods of flood relief donations

Sent by people with golden hearts

Oh…please Karma give some break

To their never-ending crave

Over the comfort

Till they attain Nirvana

 

Gigantic lotus bloom

In the middle of doom

Nothing but a loom

No change in any soon

 

There used to be a bamboo

In the center of Colombo

No longer it’s a Boo!

May be like a big dildo

 

Let Colombo pour in rain

Let the tower of lotus bloom

Let some sniff its scent

Let others sink to die

 

Translation – Neranjan Maddumage

 

 

 

Leave a comment

Create a free website or blog at WordPress.com.

Up ↑